පාරිශුද්ධ සබඳතා

මේ ගීතය උර්දු භාශාවෙන් ලියවුනු සුෆි ගීතයක්. සුෆී කියන්නෙ ඇත්තටම ඉස්ලාම් දහම එක්ක බැඳුණු දර්ශනයක්. සුෆී සංගීතයේ ජනප්‍රියම කොටස තමා කව්වාලි. මේ චිත්‍රපටයේම ක්වාජා මෙරෙ ක්වාජා ගීතය ඒකට හොඳ උදාහරණයක්. සුෆි ගීතයක පදමාලා සංකීර්ණයි. ඇහෙන දේට වඩා යටි තේරුමක් තියෙනවා. සංගීතය සුෆි දහමේ දෙවියන්ට ලංවෙන්න පුලුවන් ක්‍රායක්. සරලම පෙම් ගීතයක උනත් තියෙන්නේ දේවියන්ව වර්ණන කිරීම ස්තූති කිරීම.
මගේ සිහිනය නැමැති මේ උයනට
වසන්තය ගෙන ආවේ නුඹයි
මල් වල පැහැය මගේ උවත්
සුවඳ ගෙනාවේ නුඹයි
මේ කොටසේ ඇත්තටම ආමණ්ත්‍රණය කරන්නේ තමන්ගේ පෙම්වතිය ගැන නෙමෙයි. දෙවියන්ට. මේ වගේ සැඟවුනු තේරුම් ගීතය පුරාම තියෙනවා. පුලුවන්නම් හොයාගන්න.

නොතේරෙන දේවල් පැහැදිලි කරල දුන්නු තරිඳු සහෝදරයට ස්තූතියි.

ගායනය -සෝනු නිගම්, ශ්‍රියා ගෝෂල්
සංගීතය - ඒ. ආර්. රහ්මාන්
චිත්‍රපටය - ජෝදා අක්බාර්



ඉන් ලම්හොකෙ දාමන් මේ
පාකීzස(paakeeza) සේ රිශ්තේ හේ
කොයි කල්ම මොහාබත් කා
දොහොරාතෙ පරිශ්තේ හේ

මේ මොහොතින් මොහොතේ වැලඳගැනීම් තුල
පාරිශුද්ධ වූ සබඳතාවයක් ඇත
ඒ (පාරිශුද්ධ වූ) ආදරයේ කවිය
දේව දූතයන් විසින් නොනැවතී ගායනා කරයි

කාමෝෂ සී හේ zසමීන්(zameen) හේරාන් සා ෆලක් හේ
එක් නූර් හි නූර් සා අබ ආසමාන් තලක් හේ
(නගමෙ හි නගමෙ හේ ජාගති සෝති ෆිzසාඕ(Fizaao) මේ
හුස්න හෙ සාරි අදාඕ මේ
ඉෂ්ක හෙ ජේසෙ හවාඕ මේ )-2

පොලොව නිහඞයි අහස විමතියෙන්
අහස තෙක් අලංකාර එලියක් විහිදී ඇත
යන එන මදනල මිහිරි තනුවකි
සියලු සංචලනයන් සුන්දරය
සුලඟේ පවා ආදරය තැවරී තිබේ

(කේසා යේ ඉෂ්ක හේ
කේසා යේ ක්වාබ් හේ
කේසා ජzස්බාද් කා උම්දා සෛලාබ් හේ) -2
දින් බදලේ රාතේ බදලේ
ජීනේ කා අන්දාzස් හි බදලේ හේ

මේ කුමන ආදරයක් ද ?
මේ කුමන සිහිනයක්ද ?
මේ කුමන හැඟුම් ඕඝයක්ද ගලායන්නෙ ?
දහවල වෙනස් විය
‍රැය වෙනස් විය
ජීවත් වූ ආකාරය වෙනස් විය

ඉන් ලම්හොකෙ දාමන් මේ
පාකීzස(paakeeza) සේ රිශ්තේ හේ
කොයි කල්ම මොහාබත් කා
දොහොරාතෙ පරිශ්තේ හේ

මේ මොහොතින් මොහොතේ වැලඳගැනීම් තුල
පාරිශුද්ධ වූ සබඳතාවයක් ඇත
ඒ (පාරිශුද්ධ වූ) ආදරයේ කවිය
දේව දූතයන් විසින් නොනැවතී ගායනා කරයි

ගැහැණු -

සමේ නෙ යෙ ක්යා කියා
බදල් දී හේ කයා
තුම්හේ මේනෙ පා ලියා
මුජේ තුම්නෙ පායා

කාලය විසින් මේ කුමක් කලේද ?
සෑම දෙයක්ම වෙනස් විය
මට ඔබ හිමි විය
මබට මා හිමි විය

මිලේ දේකො ඒසේ හේ හම්
කෙ දෝ සුර් හො ජේසේ මාධම්
කොයී zස්යාදා න කොයී කම්
කිසේ ආග් මේ කෙ ප්‍රේම් ආග් මේ
ජල්තේ දොනෝ හී තේ
(තන් භී මන් භී
මන් භී හේ තන් භී)-2

බලන්න අප හමුවුනේ කෙසේද කියා
තනුවක ස්වර දෙකක් සේ.
එය (ස්වරය) උස් හෝ පහත් නැත
එකට එක්වූ විට ඕනෑම තනුවක.
අපගේ ගත මෙන්ම හදවත
ආශාවේ ගින්නෙන් දැවේ.

පිරිමි

මෙරේ ක්වාබෝ කෙ ඉස් ගුලිස්තාන් මේ
තුම්සෙ හි තුම් බහාර් චායා හේ
පූලෝ මේ රන්ග් මෙරේ තේ ලෙකින්
දිල් මේ කුෂ්බු තුම්හි සෙ ආය හේ

මගේ සිහිනය නැමැති මේ උයනට
වසන්තය ගෙන ආවේ නුඹයි
මල් වල පැහැය මගේ උවත්
සුවඳ ගෙනාවේ නුඹයි

(ක්යූ හේ යේ ආර්zසූ
ක්යූ හේ යේ ජූස්තජූ
ක්යූ දිල් බේචේයින් හේ
ක්යූ දිල් බේතාබ් හේ)-2

දින් බදලේ රාතේ බදලේ
ජීනේ කේ අන්දාzස් හි බදලේ හේ

‍දහවල වෙනස් විය
‍රැය වෙනස් විය
ජීවත් වූ ආකාරය වෙනස් විය

ඉන් ලම්හොකෙ දාමන් මේ
පාකීzස(paakeeza) සේ රිශ්තේ හේ
කොයි කල්ම මොහාබත් කා
දොහොරාතෙ පරිශ්තේ හේ

මේ මොහොතින් මොහොතේ වැලඳගැනීම් තුල
පාරිශුද්ධ වූ සබඳතාවයක් ඇත
ඒ (පාරිශුද්ධ වූ) ආදරයේ කවිය
දේව දූතයන් විසින් නොනැවතී ගායනා කරයි

නගමෙ හි නගමෙ හේ ජාගති සෝති ෆිzසාඕ(Fizaao) මේ
හුස්න හෙ සාරි අදාඕ මේ
ඉෂ්ක හෙ ජේසෙ හවාඕ මේ
ඉෂ්ක හෙ ජේසෙ හවාඕ මේ

යන එන මදනල මිහිරි තනුවකි
සියලු සංචලනයන් සුන්දරය
සුලඟේ පවා ආදරය තැවරී තිබේ
සුලඟේ පවා ආදරය තැවරී තිබේ

About Me

My photo
මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

හින්දි සිංදු © 2008. Blog design by Randomness