අම්මා හැමදෙයක්ම දන්නවා නේද ?

චිත්‍රපටය - තාරේ zසමීන් පර්
ගායනය - ශන්කර් මහාදේවන්



මේ කබී බතලාතා නහී
පර් අඳේරේ සෙ ඩර්තා හූ මෙ මා
යූ තො මේ, දිකලාතා නහී
තේරි පර්වා කර්තා හු මෙ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

මම කවදාවත් නොකිව්වාට
මම කලුවරට බයයි අම්මේ
මම වැඩිය නොපෙන්නුවාට
මම අම්මා ගැන ගොඩක් හිතනවා අම්මෙ
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

බීද් මේ යූ න චෝඩෝ මුජේ
ගර් ලෝට් කෙ බි ආ නා පාවූ මා
බේජ් නා ඉත්න දූර් මුජ්කො තූ
යාද් බී තුජ්කො ආ නා පාවූ මා
ක්යා ඉතනා බුරා හූ මෙ මා
ක්යා ඉතනා බුරා මේරි මා

සෙනග අතර මාව දාල යන්න එපා අම්මේ
මට ගේ ගොයාගෙන ආපහු එන්න බැරි වෙයි
අම්මට මගේ මතකයවත් එන්න බැරි තරම්
දුර මාව යවන්න එපා අම්මෙ
මම එච්චර නරක ලමයෙක්ද අම්මෙ ?
මම එච්චර නරකද මගේ අම්මෙ ?

ජබ් බී කබී පාපා මුජේ
ජෝ zසෝර් සේ ජූලා ජුලාතෙ හෙ මා
මේරි නzසර් ඩූඞේ තුජේ
සෝචූ යහී තූ ආ කේ තාමේගි මා
උන්සේ මෙ යේ කෙහෙතා නහී
පර් මේ සෙහෙම් ජාතා හු මා
චෙහෙරේ පෙ ආන දේතා නහී
දිල් හී දිල් මේ ගබරාතා හූ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

ඕන වෙලාවක තාත්තා මාව
හයියෙන් ඔන්චිල්ලාවෙ පද්දනකොට
මගේ ඇස් අම්මව හොයනවා
ඇවිත් මාව බලාගනියි කියල
මම තාත්තට කියන්නෙ නෑ
මගේ මූණින් පෙන්නන්නේ නෑ
හිතේ බය හංගගෙන ඉන්නවා
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

මේ කබී බතලාතා නහී
පර් අඳේරේ සෙ ඩර්තා හූ මෙ මා
යූ තො මේ, දිකලාතා නහී
තේරි පර්වා කර්තා හු මෙ මා
තුජෙ සබ් හේ පතා, හේ න මා
තුජෙ සබ් හේ පතා, මේරි මා

මම කවදාවත් නොකිව්වාට
මම කලුවරට බයයි අම්මේ
මම වැඩිය නොපෙන්නුවාට
මම අම්මා ගැන ගොඩක් හිතනවා අම්මෙ
අම්ම මේ ඔක්කොම දන්නවා නේද අම්මෙ ?
මගේ අම්ම මේ ඔක්කොම දන්නවා.

මම කවියෙක් නොවෙමි

චිත්‍රපටය - බොබී (1973)
ගායනය - ශයිලේන්ද්‍ර සිං



මෙ ශායර් තො නහී
(මෙ ශායර් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ශායරී ආගයී) -2

මම කවියෙක්නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මට කවි සිතුවිලි පහල වෙයි.

මෙ ආශික් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ආශිකී ආගයී
මෙ ශායර් තො නහී

මම ආදරවන්තයෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වේලේ පටන්
ආදර හැඟුම් පහල වෙයි

(ප්යාර්කා නාම මේනේ සුනාතා මගර්
ප්යාර් ක්යා හේ යෙ මුජ්කො නහී තී කබර්) -2
මේ තො උල්ජා රහා උල්ජනෝ කි තර්හා
දෝස්තෝමේ රහා දුශ්මනෝ කී තර්හා

ආදරය ගැන අසා තිබුනු මුත්
ආදරය යනු කුමක් දැයි මම දැනගෙන සිටියේ නෑ
මම හිටියේ බොහොම පැටලිලි සහගත තත්වයක
මිතුරන් අතර සිටියේ හතුරෙකු විලසින්

මෙ දුශ්මන් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ දෝස්තී ආගයී
මෙ ශායර් තො නහී

මම හතුරෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වේලේ පටන්
යහලුකමක් ඇතිවෙයි

(සෝචතා හූ අගර් මේ දුවා මාඟතා
හාත් අප්න උටාකර් මෙ ක්යා මාඟතා) -2
ජබ් සෙ තුජ්සෙ මොහාබත් මෙ කර්නා ලගා
තබ් සෙ ජේසේ ඉබාදත් මෙ කර්නේ ලගා

(දෙවියන්ගෙන්) මම යමක් ඉල්වමි නම්
දෑත් දිගුකර මා කුමක් ඉල්ලන්නද ?
ඔබට ආදරය කිරීමටට පටන් ගත් දා සිට
(දෙවියන්)විශ්වාස කිරීමට පටන් ගතිමි

මේ කාfපිර් තෝ නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ බන්දගී ආගයී

මම මිදිසිටුවෙක් නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මම භක්තිවන්තයෙක් වූවෙමි

මෙ ශායර් තො නහී
මගර් ඒ හසී
ජබ්සෙ දේඛා මේනෙ තුජ්කො
මුජ්කෝ ශායරී ආගයී
මෙ ශායර් තෝ නහී

මම කවියෙක්නම් නොවෙමි
නමුත් සුන්දරියේ
ඔබ දුටු වෙලේ පටන්
මට කවි සිතුවිලි පහල වෙයි
මම කවියෙක්නම් නොවෙමි

සඳ මදකට සැඟවෙන්න




ගැහැනු

දම් බර් ජො උදර් මූ පේරේ
(දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී)-2

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

දිල් කර්තාහෙ ප්යාර් කෙ සජදේ -2 (සටහන 1 බලන්න)
ඕර් මේ භී උන්කා සාත්

මගේ හදවත ආදරය ප්‍රාර්ථනය කරයි
මමත් එයම ප්‍රාර්ථනය කරමි

චාන්ද් කො චන්දා රෝස්Z හි දේකේ (සටහන් 2 බලන්න)
මේරී පෙහෙලි රාත්, හෝ මේරී පෙහෙලි රාත්
බාදල් මේ අබ් චුප ජාරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී

සඳ සැමදා ඔහු දකින නමුත්
මෙය මගේ (ඔහු සමග) පලමු රැයයි
ඕ සඳවතිය සැඟවෙන්න වලාවක
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

පිරිමි

දම් බර් ජො උදර් මූ පේරේ
(දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා.)-2 (සටහන 3 බලන්න)

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

මේ චෝර් හු කාම් හෙ චෝරී -2
දුනියා මේ හූ බද්නාම්

මම සොරෙක්මි කාරිය සොරකමයි
ලෝකයේ අවමානයට පත් වූ

දිල්කො චුරාතා ආය හූ මේ
යේහි මෙරා කාම්, හෝ යේහි මෙරා කාම්
ආනා තු ගවාහී දේනේ, ඕ චන්දා (සටහන 4 බලන්න)
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා.

හදවත සොරකම් කිරීමට ආවෙමි මම
එයයි මගේ කාර්යය
පැමිණ සාක්ෂි දෙන්න ඕ සඳවතිය
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

ගැහැනු
දිල් කො චුරාකේ කෝ මත ජාන -2
රාහ් න ජානා භූල්

හදවත සොරාගෙන සැඟවී නොයන්න
මාර්ගය අමතක නොකරන්න

ඉන් කදමෝ සේ කුචල් න දේනා
මේරේ දිල්ක පූල්, හෝ මේරේ දිල්ක පූල්
යේ බාත් උන්හේ සම්ජාදේ, ඕ චන්දා
මේ උන්සේ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී

ඔබ දෙපා වලින් පාගා නොදමන්න
මගේ හදවත නැමති පුෂ්පය
මේ කාරණය ඔහුට තේරුම් කරන්න, ඕ සඳවතිය
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

පිරිමි

දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

සටහන 1

සජදේ කියන්නෙ උර්දු වචනයක්. ඒකේ තේරුම යාඥාවන්. (prayers) ඒ පේලියේ දල පරිවර්තනය නම් "හදවතආදරයේ යාඥා, යාඥා කරයි" කියන එක. (heart prays the prayers of love).

සටහන 2

චාන්ද් කියන්නෙ හඳ. මෙතන දල පරිවර්තනය හඳට හඳ හැමදාම දකින්න ලැබෙනවා කියන එක. මෙතනදී එකහඳක් උපමා කරල තියෙන්නෙ ගායිකාවගේ ආදරවන්තයට. පලවෙනි හඳ අහසේ පේන හඳ. දෙවනි හඳ ආදරවන්තයා.

සටහන 3

නzසරේ තො චාර් කරලූඟා කියන්නෙ ඇස් හතරක් කරනවා කියන එකට. අදහස ඇස් දෙක දිහා බලා ගෙන ඉන්නවාකියන එක.

සටහන 4

මෙතනදි හඳට සාක්ෂි දෙන්න එන්න කියන්නෙ, හදවත් හොරකම ගැනයි. ගායකයාගෙ හදවත් හොරකම ගැන හැමදෙයක්ම දන්නෙ රාත්‍රියට පායන හඳ විතරයි.

පලවෙනි සටහන

මම කාලයක් තිස්සෙ ඉඳල හින්දි සින්දු පිස්සෙක්. මම කොච්චර හින්දි චිත්‍රපටි බැලුවද කිව්වොත් අන්තිමට මට හොඳට හින්දි කතා කරන්න පුලුවන්. මම දන්නවා මම වගේම තව පිස්සො ඕනතරම් ඉන්නවා කියල. මේ ලඟදි මට හම්බ උනා සිංහලට පරිවර්ථනය කරපු හින්දි සිංදු ගැන හදපු බ්ලොග් එකක්. මෙන්න ලින්ක් එක.

http://slhindihits.blogspot.com

නමුත් ඒකෙ පල වෙන්නෙ සිංහලට පරිවර්ථනය කරපු හින්දි සිංදු විතරක් නිසා මම හිතුවා අනිත් හින්දි සින්දු ගැනත් දාල බ්ලොග් එකක් ලියන්න. මම ඒක දාන්නෙ සිංදුවේ වචන සහ තේරුමත් එක්ක. මම හින්දි විශාරදයෙක් නෙමෙයි. වැරදි තියෙනවනම් සමා වෙන්න. ඒ වගේම මට ඒව පෙන්නල දෙන්න.

About Me

My photo
මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

හින්දි සිංදු © 2008. Blog design by Randomness