සඳ මදකට සැඟවෙන්න




ගැහැනු

දම් බර් ජො උදර් මූ පේරේ
(දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී)-2

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

දිල් කර්තාහෙ ප්යාර් කෙ සජදේ -2 (සටහන 1 බලන්න)
ඕර් මේ භී උන්කා සාත්

මගේ හදවත ආදරය ප්‍රාර්ථනය කරයි
මමත් එයම ප්‍රාර්ථනය කරමි

චාන්ද් කො චන්දා රෝස්Z හි දේකේ (සටහන් 2 බලන්න)
මේරී පෙහෙලි රාත්, හෝ මේරී පෙහෙලි රාත්
බාදල් මේ අබ් චුප ජාරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී

සඳ සැමදා ඔහු දකින නමුත්
මෙය මගේ (ඔහු සමග) පලමු රැයයි
ඕ සඳවතිය සැඟවෙන්න වලාවක
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

පිරිමි

දම් බර් ජො උදර් මූ පේරේ
(දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා.)-2 (සටහන 3 බලන්න)

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

මේ චෝර් හු කාම් හෙ චෝරී -2
දුනියා මේ හූ බද්නාම්

මම සොරෙක්මි කාරිය සොරකමයි
ලෝකයේ අවමානයට පත් වූ

දිල්කො චුරාතා ආය හූ මේ
යේහි මෙරා කාම්, හෝ යේහි මෙරා කාම්
ආනා තු ගවාහී දේනේ, ඕ චන්දා (සටහන 4 බලන්න)
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා.

හදවත සොරකම් කිරීමට ආවෙමි මම
එයයි මගේ කාර්යය
පැමිණ සාක්ෂි දෙන්න ඕ සඳවතිය
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

ගැහැනු
දිල් කො චුරාකේ කෝ මත ජාන -2
රාහ් න ජානා භූල්

හදවත සොරාගෙන සැඟවී නොයන්න
මාර්ගය අමතක නොකරන්න

ඉන් කදමෝ සේ කුචල් න දේනා
මේරේ දිල්ක පූල්, හෝ මේරේ දිල්ක පූල්
යේ බාත් උන්හේ සම්ජාදේ, ඕ චන්දා
මේ උන්සේ ප්යාර් කර් ලූඟී
බාතේ හසාර් කර් ලූඟී

ඔබ දෙපා වලින් පාගා නොදමන්න
මගේ හදවත නැමති පුෂ්පය
මේ කාරණය ඔහුට තේරුම් කරන්න, ඕ සඳවතිය
මට ඔහුට ආදරය කරන්නට
දහසක් දේ ඔහු සමග කතාකරන්නට

පිරිමි

දම් බර් ජො උදර් මූ පේරේ, ඕ චන්දා
මේඋන්සෙ ප්යාර් කර් ලූඟා
නzසරේතො චාර් කර්ලූඟා

සඳ මදකට අහක බලා ගන්නවානම්
මට ඇයට ආදරය කරන්නට
දෑසට දෑස මුණ ගැසෙන්නට

සටහන 1

සජදේ කියන්නෙ උර්දු වචනයක්. ඒකේ තේරුම යාඥාවන්. (prayers) ඒ පේලියේ දල පරිවර්තනය නම් "හදවතආදරයේ යාඥා, යාඥා කරයි" කියන එක. (heart prays the prayers of love).

සටහන 2

චාන්ද් කියන්නෙ හඳ. මෙතන දල පරිවර්තනය හඳට හඳ හැමදාම දකින්න ලැබෙනවා කියන එක. මෙතනදී එකහඳක් උපමා කරල තියෙන්නෙ ගායිකාවගේ ආදරවන්තයට. පලවෙනි හඳ අහසේ පේන හඳ. දෙවනි හඳ ආදරවන්තයා.

සටහන 3

නzසරේ තො චාර් කරලූඟා කියන්නෙ ඇස් හතරක් කරනවා කියන එකට. අදහස ඇස් දෙක දිහා බලා ගෙන ඉන්නවාකියන එක.

සටහන 4

මෙතනදි හඳට සාක්ෂි දෙන්න එන්න කියන්නෙ, හදවත් හොරකම ගැනයි. ගායකයාගෙ හදවත් හොරකම ගැන හැමදෙයක්ම දන්නෙ රාත්‍රියට පායන හඳ විතරයි.

2 comments:

දුකා | December 13, 2009 at 3:21 AM

ෂා නියමයි . . . ඉස්සර හවස තුනේ ඉඳන් රේඩියෝ එක ලඟට වෙලා ආසාවෙන් හිටපු කාලෙ ආයි මතක් වුනා මේ සින්දුව ඇහුවට පස්සේ . . . නර්ගීස් ගේ ලස්සන ඒ කාලේ . . . ඒත් මම ආසා නර්ගීස් මදර් ඉන්ඩියා එකේ හිටපු විදිහට . . .

Anonymous | December 13, 2009 at 8:38 PM

issara parana sinduwala koitharam gamburu arrthayak thiyanawada? manasa tikak wehesala unath therum ganna godak vatinawa e sinduwala aruth. den kaale keeyen kee denada hithata hariyata danenna sinduwak liyanne? kiyanne?...........

Post a Comment

About Me

My photo
මම පොඩ්ඩා. නම පොඩ්ඩා උනාට මට වයස 25ක් වෙනවා. මම සමාජ මතවාද වලට එකඟ නොවෙන, විප්ලවකාරී නූතන මතධාරියෙක්. බ්ලොග්කරණයට මම ආගන්තුකයෙක් නෙමෙයි. ඒ උනාට සිංහලෙන් ලියන්නේ පලමු වතාවට.

හින්දි සිංදු © 2008. Blog design by Randomness